සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව
English Sinhala Tamil
සමූපකාර සමිතියක් ලියාපදිංචි කිරීම සඳහා ඉල්ලුම් කිරීම

ලියාපදිංචි කිරීමට සුදුසු තත්වයේ පවතින යෝජිත සමූපකාර සමිතියක් ලියාපදිංචි කිරිමට ඉල්ලුම් කිරීමේදී ස.සං.කො/රෙ වෙත ඉදිරිපත් කළ යුතු ලිපිලේඛණ.

  1. ලියාපදිංචි කිරිම සඳහා සමිතියේ ඉල්ලීම.
     
  2. ලියාපදිංචි කිරීමේ ඉල්ලුම් පත්‍රයේ පිටපත් දෙකක්.
     
  3. යෝජිත අතුරු ව්‍යවස්ථාවේ පිටපත් දෙකක්.
    අදාළ මහසභා රැස්වීමේදී යෝජිත අතුරු ව්‍යවස්ථාව පිළිගත් බවට විස්තර සහිත සටහනක් යොදා සමිතියේ සභාපති හා ලේකම් යන දෙදෙනා විසින් අත්සන් කර සහතික කර තිබිය යුතුය.
     
  4. යෝජිත අතුරු ව්‍යවස්ථාව සමූපකාර සමිති පනතට හා රීතිවලට පටහැනි නොවන බවට ලබාගත් සහතිකයක්.
     
  5. සහතික කළ මහසභා සහ කාරක සභා/අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම් වාර්තා උද්ධෘතයන්.
    සමූපකාර සමිතිය පිහිටුවීම, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කිරීම, අතුරු ව්‍යවස්ථා පිළිගැනීම, නිලධාරි මණ්ඩලය පත්කර ගැනීම පිළබඳ යෝජනා හා තීරණ ඇතුළත් මහසභා සහ කාරක සභා/අධ්‍යක්ෂක මණ්ඩලය රැස්වීම් වාර්තා උද්ධෘතයන් (රීති 45 අනුව සහතික කළ)
     
  6. ශක්‍යතා වාර්තාව.
     
  7. එම ශක්‍යතා වාර්තාව සමිතියේ සත්‍ය ආර්ථික ශක්‍යතාවය පිළිබිඹු කරන බවට රීති මාලාව අනුව ලබාගත් සහතිකයක්.
     
  8. සමිතියේ ප්‍රගති වාර්තාව.
    යෝජිත සමිතිය ආරම්භයේ සිට ලියාපදිංචිය සඳහා ඉල්ලුම් කරන දින දක්වා සමිතියේ ගනුදෙනු වලට අදාළ මුදල් ගිණුම, ලාභාලාභ ගිණුම, අදාළ වෙනත් ගිණුම් හා ශේෂ පත්‍රයේ අයිතමයන් තහවුරු කිරීම සඳහා ශේෂ ලේඛණයන් ඉදිරිපත් කළ යුතුය.
     
  9. සමිතියේ ආරම්භක සාමාජිකයන් අතුරු ව්‍යවස්ථාවෙන් නියමිත ගෙවීම් කර ඇති බවට හා ඒවා සුරක්ෂිතව ඇති බවට සහතිකයක්.
     
  10. යෝජිත සමිතියේ කාරක සභාවේ/අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන්ගේ නම, වයස, ලිපිනය, රැකියාව, අධ්‍ය‍‍ාපන සුදුසුකම් යන විස්තර ඇතුළත් වාර්ථාවක්.
     
  11. සමිතියේ මහසභා රැස්වීම්වලට සහභාගිවූ අයගේ අත්සන් සහිත නාම ලේඛණය.
     
  12. මාර්ග සිතියම හා බල ප්‍රදේශය දැක්වෙන සිතියම.
     
  13. සමූපකාර සංවර්ධන නිලධාරීගේ නිර්දේශය.

සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව නිල වෙබ් අඩවිය
Sinhala Fonts
Tamil Fonts
නිමවුම සම්බන්ධීකරණය ICTA